2024 වර්ෂයේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV ආසාදනය වූ නව රෝගීන් 695දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්යක්ෂ ප්‍රජා සොඛ්‍ය විශේෂඥ ජානකී විදානාරාච්චි මහත්මිය සඳහන් කරයි.එය පසුගිය 2023 වසරට වඩා 14%ක වර්ධනයක් ලෙස වාර්තාවේ.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයන් මේ වන විට හමු වී ඇති අතර, කොළඹදී පවත්වන සායනවලදී හඳුනාගත් HIV ලිංගාශ්‍රිත රෝගීන් සංඛ්‍යාව සියයට හතළිහ ප්‍රමාණය දක්වා වර්ධනය වී ඇති බවද සෞඛ්‍යාංශ සඳහන් කරයි.
තරුණ තරුණියන් තුළ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ඇති අනවබෝධය නිසා මෙම තත්ත්වය වර්ධනය වී ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වයසට සරිලන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් පාසල් කාලය තුළදීම ලබාදිය යුතු බවද වෛද්‍ය විශේෂඥ ජානකි විදානාරච්චි මහත්මිය සඳහන් කරයි.
කිසියම් අයෙකුට HIV සහ ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී තිබේ නම්, මූලික වශයෙන්ම එය දැන ගැනීමටත්, රෝග පරීක්ෂාවකට වෙලා වෙන් කර ගැනීමටත් know for sure නමින්ඇති දුරකථන යෙදවුම හරහා සම්බන්ධ විය හැකිය. ඉන්පසු තමන්ගේ ස්වයං පරීක්ෂණ කට්ටලයපිළිබඳ තොරතුරු ගෙදරට රහසිගතව ගෙන්වා ගැනීමටද ඉඩ සලසා ඇත.
කමල් ශ්‍රී ලියනගේ