අද ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය සිදු කළත් ගාසා තීරයේ ඉතා කණගාටු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එහි මුස්ලිම් ප්‍රජාව තිස්පන්දහකගේ පමණ ජීවිත අහිමි වී තිබෙනවා. එම නිසා මෙවර ජාතික රාමසාන් උත්සවය නොපවත්වා එම මුදල් ගාසා තීරයේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලබාදීමට අප කටයුතු කළා.
ඒ වගේම යුද්ධය අවසන් වූ පසුව ගාසා තිරයට පාසලක් ඉදිකර දීමටත් අප පොරොන්දු වී තිබෙනවා. පලස්තීන රාජ්‍යය බිඳ දැමීමට අප කිසිදා සහාය පළ කරන්නේ නැහැ. එම නිසා මෙම යුද්ධය නැවැත්වීම සඳහා අප සහයෝග ලබා දෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ (07) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.
ඉත්ද්රමූර්ති ජයසූරිය