වැල්ලවාය-බුත්තල මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේ පිහිටි තෙල් පිරවුම්හලක් අසලදී අද අලුයම ටිපර්රථයක් සහ ත්රීවීල්රථයක් ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් අවුරුදු 02 මාස 08 දරුවෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය නගරයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට මෙම දරුවා, දරුවාගේ පියා සහ මව සමඟ වැල්ලවායට ගොස් එන අතරමඟදී බුත්තල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර්රථයක් ත්රීවීල්රථයේ ගැටීමෙන් එහි රියදුරු ලෙස කටයුතු කළ පියාත් පිටුපස අසුනේ සිටි මව සහ දරුවාත් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව ආනපල්ලම පදිංචි විනෝද් බණ්ඩාර (අවු 02 මාස 08) දරුවා මියගොස් ඇත.
පියා වැල්ලවාය මූලික රෝහලේ ප්රතිකාර ලබන අතර මව මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාරලබමින් පසුවේ.
වැල්ලවාය ආනපල්ලම පදිංචි මෙම පිරිස ත්රීවීල්රථයෙන් වැල්ලවාය නගරයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා නිවසට ආපසු යමින් සිටියදී බුත්තල සිට වැල්ලවාය දෙසට ධාවනයවෙමින් ටිපර්රථය ඉදිරියෙන් පැමිණි ත්රීවීල්රථයේ ගැටී ඇත.
එම අවස්ථාවේ ත්රීවීල්රථයේ පිටුපස අසුනේ මවගේ ඇකයේ සිටි දරුවා පාරට විසිවී හිස පොළොවේ වැදී තිබේ.
ත්රීවීල්රථය පැදවූ පියාටත් මවටත් මෙම අනතුරේදී තුවාල සිදුවී ඇති අතර තිදෙනාම වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇත.
මව වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.ටිපර්රථයේ රියදුරු වන කැප්පෙටිපොළ බෝගස්තැන්න ප්රදේශයේ පදිංචිකරුවෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
වැල්ලවාය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප යූ.ජී චන්ද්රකුමාර මහතා විසින් පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක