saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3994 hours ago

LATEST

සූදුව දැලිපිහි පහරකින් කෙළවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

calendar_today 2023 මාර් 27 - 09:30 remove_red_eye - 350  

දම්බරාව ප්‍රදේශයේ මළගෙදරක දී විශ්‍රාමික යුදහමුදා නිළධාරියකු සහ ඔහුගේ පුතාව දැලිපිහියකින් කපා දමා බරපතළ තුවාල සිදු කලැයි සැකපිට පුද්ගලයකු පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය පවසයි .

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (27දා) නිකුත් කළ කාළගුණ අනාවැකියට අනුව අද (27දා) බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර , මහනුවර හා නුවරඒළිය දිස්ත්‍රික්කවලත්, සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

දෝහා කටාර් හීදි සත් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. එලෙස මියගොස් තිබුණේ අංක 270 දඩුගම ජා-ඇල පදිංචි නිශ්ශංක රහිත සිල්වා (55) නැමති පරිගණක ඉංජිනේරු වරයෙකි. මෙම අනතුර සිදුවී තිබුනේ ඉකුත් 22 දින රාත්‍රීයේය.

Read More

සංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන් හිදී පැවති දෙවැනි ඒක්දින තරගයෙන් කඩුළු 6 ක විශිෂ්ඨ ජයක් ලැබීමට දකුනු අප්‍රිකාව සමත්වීමත් සමගින් ක්‍රිකට් පොත් අළුත් කිරීමට මෙම කණ්ඩායම් ද්විත්වය සමත්විය.

Read More

අවුරුදු කාල සීමාව තුළ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන මහා මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලැබුණ පළමු ණය වාරිකයෙන් කොටසක් මාර්තු හා අප්‍රෙල් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම‍ වෙනුවෙන් යොදා ගන්නා බව මහා භාණ්ඩාගාරය දන්වා ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මාර්තු මාසයේ මුල් දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයින් 76,247ක් පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ මේ දක්වා පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431ක් දක්වා වර්ධනය වෙයි.

Read More

ඉන්දියාවේ, පාන්ඩිවේරි කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මගී යාත්‍ රා(ෆෙරි) සේවය අප්‍රේල් 29 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ.

Read More

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27දා) ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කංචන ඇමතිතුමා සඳහන් කරන්නේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු සංශෝධනය කළ හැකි මිල අඩුවීමක් වෙයි කියලා. ඒ වගේම තමයි ලෝක වෙළඳපොළ තුළ මිල වැඩිවීමක් වුණොත් මිල වැඩිවෙනවා.

Read More

ඇමෙරිකාවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙක්සාස් ප්‍රාන්ත හරහා හමාගිය ප්‍රබල ටෝර්නේඩේ සුළි කුණාටුවක් හේතුවෙන් නගර රැසක් සුන්බුන් ගොඩක් බවට පත්කර තිබේ.

Read More

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් මෙරටට පරිත්‍යාග කරන ලද TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000න් මේ වනවිට දින 04ක් තුළ මෙට්‍රික් ටොන් 27,000ක් දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන් කර තිබේ.

Read More

උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ට දින 03 ක් බදු වශයෙන් රජය ලබාදීමේ සූදානමක් පවතින බැවින් වහාම එය හකුලා ගන්නා ලෙසටත් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම නවත්වන ලෙසටත් රජයට බලකරමින් මන්නාරමේ ධීවරයින්, වෙළඳ සංගම් සහ ආගමික නායකයින් එක්ව ඊයේ (25දා) දැවන්ත විරෝධතා පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.

Read More

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ඉල්ලා ඊයේ (25) දින සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

Read More

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තායතන වල සේවකයින් සහ උක්ගස් සපයන ගොවීන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙන දිරිදීමනා වැඩි කිරීමට පාලනාධිකාරිය පියවරගෙන ඇතැයි ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා පැවසීය.

Read More

හදවත සහ පෙනහළු යන ශාරිරික අවයව දෙකම එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සිදු කළේය.

Read More

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

මඩකලපුව, කොකුවිල් පොලිස් වසමේ ත්‍රායිමඩු ස්විස් ගම්මානය ප්‍රදේශයේදී ඊයේ සවස දුම්රිය මාර්ගයේ ගමන් කිරම අවහිර කිරීමට විරෝධය පළ කරමින් මහජනතාව කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය නතර කරමින් පැය 3ක කාලයක් උද්ඝෝෂණයේ යෙදුනි.

Read More

වසර තුනක කාලසිමාවකට පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් චීනයේ ප්‍රධාන නගර තුනක් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ඉදිරි මාස හතර තුළ භාණ්ඩ 100 සිට 150 දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කරන බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.

Read More

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැන මහවැලි ගඟ හරහා පිහිනා ගිය රැඳවියෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසය කියයි.

Read More

අඟුරුවාතොට මුල් ගොඩ කන්දේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් එක් ලක්ෂ 4000 ක මුදලක් කොල්ල කෑ ප්‍රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.

Read More

රුපියල් කෝටි හතකට අධික වටිනා අධිබලධාරිතාවයෙන් යුත් මිළ අධික මෙරටට ආනයනය තහනම්වූ යතුරු පැදි 8 ක් සමග ව්‍යාපාරිකයකු රත්තනපිටිය, විශ්වවිද්‍යාල පාර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය දූෂණමර්දන ඒකකය මගින් ඉකුත් 24 වන දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

පානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගොස් රළ පහරට හසුව ගසාගෙන යමින් සිටී අඹුසැමි යුවළක්, 13 හැවිරිදි ගැහැණු දරුවෙකු ඇතුළු සිව් දෙනෙකුගේ දිවි බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීන් අද පස්වරුවේ සමත්ව ඇතැයි පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

Read More

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

‍‍‍‍සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර. දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනයට ජනපතිගේ අවධානය. පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට සැලසුම්.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 198කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දක්වා පලාගිය පුද්ගලයෙකු සොයා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

දේශද්‍රෝහීන් ලෙස තහනම් කර රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ සිටින බව ක්‍රීඩා අමාතත්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.