ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය කටයුතු කළේය. පක්ෂයේ දේශභාලන මණ්ඩලය හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද සහභාගිතිවයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
එසේම එහි වැඩ බලන ලේකම්වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා තේරි පත් විය. පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ සභාපතිධුරය දැරීමට එරෙහිව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණය හරහා වාරණ නියෝගයක් පසුගියදා ලබා ගත්තාය.
මේ අනුව මෛත්‍රී පාර්ශ්වයට නිදහස් පක්ෂයේ බලය අහිමි වී තිබේ.