මාස දාහතකට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක් කර සිටි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අද (08දා) යළි සේවයේ පිහිටුවා තිබේ.
දරුවන්ගේ මන්ද පෝෂණය සම්බන්ධව සූරියවැව ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් මූලික කර ගනිමින් 2022 වසරේ නොවැම්බර් මාසයේදී ඒ මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේය.
ඒ වන විට ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ අතර සේවය පිහිටු වීමෙන් පසු රාජකාරි භාර ගැනීම අද (08දා) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.