ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් 2021 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව වන විට රුපියල් විසි හය කෝටි විසි ලක්ෂයක (26,20,00000) මුදලක් සංස්ථාවට අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පසුගිය26 දින නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.
මින් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් 2015 ජනවාරි සිට 2020 දෙසැම්බර් 31 දා දක්වා වසර 05කට වඩා වැඩි කාලයක සිට අය වීමට ඇති බවද සඳහන් වේ.
එමෙන් ම ධිවර සංස්ථාවේ සේවකයන්ට රෝහල් සඳහා ණය පදනම මත මාළු විකිණීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් අය වීමට තිබුණි.
මෙකී චක්‍ර ලේඛවලට පටහැනි ව ණය පදනම මත මසුන් අලෙවි කළ නිලධාරීන්ට එරෙහි ව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද මෙම විගණන වාර්තාවෙන් අනාවරණය කොට ඇත. එමෙන් ම ධීවර සංස්ථාව විසින් 2022 ජනවාරි සිට ඔක්තෝබර් 31 දිනට භාණ්ඩාගාර සඳහා ගෙවිය යුතු බැංකු ණය මුදල රුපියල් මිලියන 159 ක් බව විගණනය මගින් හෙළි කර ඇත.
චන්දන සමරවික්‍රම