විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයට සහ බැංකුවලට තවමත් හැකියාව ලැබී නැති බව කම්කරු හා විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට ජනාධිපතිවරයා ගැසට්නිවේදනයක් නිකුත් කර තිබියදීත් එය ක්‍රියාත්මක කිරීමට රේගු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරනීගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විදේශගත ශ්රමකයින්ට ලබාදීම නියමිත සහන ලබාදීමට නොහැකි වී ඇති බවත් ඔහු පැවැසීය.
රජයක් වශයෙන් ගෙනයන සාධණීය වැඩසටහන් සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සහය නොලැබීම ඉතා කණගාටුවට කාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විදේශගත ශ්‍රමකියන්ගේ දරුවන් හට ශ්‍රී ලංකා විදේශ නියුක්තා කාර්යාංශය හරහා ඊයේ (27) ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය.