රාජසිංහ රජුගේ මඟුල් කඩුව, රිදී කස්තානය හා රන් පිහිය නෙදර්ලන්තයේ සිට ආපසු ගෙනෙයි
වර්ෂ 1756 දී ආක්රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මගුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06 ක් 11/29 දින අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණි.
එසේ රැගෙන විත් තිබූ කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මගුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය රජතුමාගේ රන් පිහිය ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව, සහ මහ තුවක්කු දෙකක් විය.
මෙම කෞතුක භාණ්ඩ 11/29 දින අලුයම 05.05 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත භාර දුන් අතර පසුව එය අමාත්‍යවරයා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරුණි.
මෙම කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂක රැකවල් යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ අතර , මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්වයන්ට අනුවර්තනය වන තෙක් වායුසමනය කළ විශේෂ කුටි තුළ රදවා තැබීමට පියවර ගැනීමට නියමිතය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
