ජනාධිපතිතුමා මට විශාල වගකීමක් බාරදී තියෙනවා
නව වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය අද පෙරවරුවේ මහවැලි අධිකාරි ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී වැඩ බාර ගන්නා ලදි. පත්වීම බාර ගැනීමෙන් අනතුරුව එම ලිපිය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා වෙත බාර දෙන ලදී .
වැඩ බාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශයේ ඉදිරි වැඩ පිලිවෙල පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදී .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශාල වගකීමක් තමන් වෙත බාර දී ඇති මෙහිදී අමාත්‍යවරිය පැවැසුවාය. ලබන වසර වී නිෂ්පාදනය ප්‍රධාන කර ගත් කෘෂි නිෂ්පාදන කටයුතු පුලුල් කිරීමට වැඩ පිලිවෙලක් සැලසුම් කලයුතු බව අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
මහවැලි ප්‍රදේශ ඇතුළු සමස්ථ ගොවි ප්‍රජාවට බලපාන ගැටලු වලට විසඳුම් ලබාදීමට කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩ පිලිවෙලක් සැකසිය යුතු බව පැවසූ අමාත්‍යවරිය ඒ සඳහා අමාත්‍යාංශයක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසත්, තමාට පූර්ණ සහය ලබාදෙන ලෙසත නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
