ලංකාවේ තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. හම්බන්තොට කච්චිගල්ආර ප්‍රදේශයේ ඉදි කර ඇති මෙම ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම අත්හදා බැලීම ඊයේ (15) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ වනවිට අපනයනය සඳහා වන ඇඹුල් කෙසෙල් වගා කලාප හා සැකසුම් මධ්‍යස්ථාන තුනක් වසරක් තුළ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකී වී තිබේ.
ඉන් පළමුවැන්න රාජාංගනයේත්, දෙවැන්න යාපනයේත් ස්ථාපිත කර ඇති අතර තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය කච්චිගල්ආර ප්‍රදේශයේත් ස්ථාපිත කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපාතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
කච්චිගල් ආර ඇඹුල් කෙසෙල් මධ්‍යස්ථානය සඳහා එම ව්‍යාපෘතිය මගින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 60කි.
මේ වනවිට රාජාංගනයේ අක්කර 800ක, යාපනයේ අක්කර 200ක හා හම්බන්තොට, ඇඹිලිපිටිය කලාපයේ අක්කර 1000ක ඇඹුල් කෙසෙල් වගා කර ඇත. හම්බන්ෙතාට කලාපයේ අක්කර 8000ක් දක්වා ඇඹුල් කෙසෙල් වගා කිරීමට සුදුසු බව මේ වනවිට හඳුනාගෙන ඇත.
Baby Banana නමින් ඩුබායි වෙළෙඳපොලට අපනයනය කෙරෙන මෙරට ඇඹුල් කෙසෙල් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුම් කිරීම මෙම මධ්‍යස්ථාන මගින් සිදු කරයි.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ උසස් තත්ත්වයේ කෙසෙල් පැළ ලබා දීම මෙන්ම නව තාක්ෂණය, අවම පොහොර ප්‍රමාණයක් යෙදීම හා අපනයනය ඉළක්ක කර ගනිමින් කෙසෙල් නිෂ්පාදනය කෙරෙන බැවින් මේ වනවිට චීනය ඇතුලු තවත් රටවල් කිහිපයකින් ඉල්ලුම් ඉදිරිපත්ව ඇති බව ද සඳහන් කළේය.