නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවහය හා සම්බන්ධ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනෙ බොහෝ පළාත්වන අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වත හා නුවරඑළිය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 9.30 තෙක් වලංගු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.