ජෝර්දාන් ඇගළුම් කර්මාන්තශාලා සේවකයින්ගේ ගැටළුව විසදෙයි
ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා රැකියා අහිමි වූ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගෙන් 60 දෙනෙකු හෙට දින අලුයම (2024.02.09) ජසීරා ගුවන් සේවයට අයත් J9 252 යන යානය මගින් දිවයිනට පැමිණීමට නියමිතය.
ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 221 දෙනෙකුට රැකියා අහිමි විය.
ඒ අනුව ජෝර්දාන තානාපති කාර්යාලයේ නිළධාරින් පසුගියදා එරට කම්කරු අමාත්‍යාංශයේ නිළධාරීන් හමුවී මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් විශේෂඥ නීතිඥ සහය ලබාදීමටද පියවර ගන්නා ලදී. මෙම ශ්‍රමිකයින් අතුරින් වීසා කාලය ඉක්මවා රැදී සිටින ශ්‍රමිකයින් දඩ මුදල් අය කිරීමකින් තොරව පිටත් කර හැරීමට ජෝර්දාන් බලධාරීන් එකග වූ අතර, ශ්‍රමිකයින්ට ආපසු පිටත්ව යාමට ගුවන් ටිකට්පත් ලබාදීමට හා සමාජ ආරක්ෂණ දායක මුදල් ලබාදීමටත් එකගතාවය පළකරන ලදී. ඔවුන්ට හිමි වන්දි හා හිග වැටුප් ලබාගැනීම සඳහාද ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මැදිහත් වූ අතර, ඒ අනුව 2023 දෙසැම්බර් 31 දින දක්වා ඔවුන් වෙත ගෙවිය යුතු හිග වැටුප්ද කර්මාන්ත ශාලා 2 මගින්ම ඔවුන් වෙත මේ වන විටත් ලබාදී තිබේ.
මෙම ශ්‍රි ලාංකිකයින්ගේ ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතාට උපදෙස් ලබාදුන් අතර, සභාපතිතුමාගේ උපදෙස් පරිදි ජෝර්දානයේ තානාපති කාර්යාල නිළධාරීන් මේ වෙනුවෙන් සෘජුව මැදිහත් වී තිබේ. ඒ අනුව කෙටි කාලයක් තුළ මෙම ශ්‍රමිකයින්ට ගෙවිය යුතු සියලු වන්දි හා දීමනා ලබාදී දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

