අරණායක දිසා රෝහලේ සේවය නිරත ව සිටි 28 හැවිරිදි වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට එම රෝහලේම රාජකාරි සිදු කළ 45 හැවිරිදි විවාහක වෛද්‍යවරයා අද (08) අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර වෛද්‍යවරයා බලහත්කාරයෙන් වෛද්‍යවරියගේ ශරීරය අත ගෑ බවට වෛද්‍යවරියගේ පියා විසින් කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අතවරයට ලක් වූ බව කියන වෛද්‍යවරියගෙන් සහ එම අවස්ථාවේ රාජකාරියෙ නිරත ව සිටි පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිද්ධියට මුහුණු දුන් වෛද්‍යවරිය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.