කාන්තාවක් බදුලු ඔය හරහා තිබූ ඒදණ්ඩකින් ඇද වැටී මරුට
- 8 02 2024
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- ..
හේනට කෑම අරගෙන යමින් සිටි කාන්තාවක් බදුලු ඔය පුවක්කොටුව හරහා දමා තිබූ ඒදණ්ඩකින් එගොඩවීමට යාමේදී ලිස්සා බදුලු ඔයට ඇද වැටී සැඩපහරේ ගසාගෙන ගොස් මළසිරුර දඩයම්තලාව ප්‍රදේශයේ බදුලු ඔයේ රැදී තිබියදී අද (8) සොයාගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
කන්දකැටිය බදුලුඔය යුනිට් 4 පදිංචිව සිටි ඩී.එම්. සෝමාවතී (71) නැමත්තිය මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .
මෙම කාන්තාගේ මළසිරුර ඇය දියට ඇද වැටුන ස්ථානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුර බදුලු ඔයේ දඩයමතලාව ප්‍රදේශයේ රැදී තිබියදී ගම්වාසීන්ගේ සහය මත සොයා ගත් බව පොලිසිය පැවසීය .
මළසිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මහියංගණ මූලික රෝහලට රැගෙන යාමට කටයුතු කරන බවත් පොලිසිය සදහන් කළේය .
ඌව පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

