saravita-anim2

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

editors-choice - timelapse 8464 hours ago

LATEST

උසස්පෙළ හා ශිෂ්‍යත්ව දින 20 දා ප්‍රකාශයට

calendar_today 2020 ජුලි 18 - 15:25 remove_red_eye - 412  

උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නැවත පාසැල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා වඩාත් සුදුසු දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? යැයි ප්‍රශ්න කරන උන්වසන්සේ පෙන්වා දෙන්නේ වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතු බවයි.

Read More

1‍3 වැනි සියවසේ කුරුණෑගල රාජධානී සමයට අයත් කුරුණෑගල රාජසභා ශාලාව යැයි විශ්වාස කරන මෙන්ම වත්මන් බුවනෙක හෝටලය ලෙසන් සැළකෙන ඓතිහාසික බුවනෙක හෝටලය ජුලි 14 දා ඩෝසර් කර විනාශ කර තිබේ.

Read More

ඒ අනුව මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි ව තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.

Read More

මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර ගත් තමාගෙන් ද රටවැසියාට ඵලක් නැත.

Read More

ගෘහස්ත විදුලි පාරිභොගිකයන් වෙනුවෙන් ලබාදුන් විදුලි බිල් සහනය ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ටත් ලබාදෙන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවයෙහි නියුතු උපදේශකවරයෙකු සමග මෝටර් රථයකින් ගමන් ගත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු සහ එම උපදේශකවරයා කොරෝනා ආසාදිතයින් බව තහවුරුවී ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාත් තුල මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල හමුදා නිලධාරින් 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වි ඇති බව තහවුරු වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක්, රු.50ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර තිබේ.

Read More

බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.

Read More

WHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීම බවයි.

Read More

නාවික හමුදාපතිවරයා හෙට (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

Read More

කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

Read More

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් හා හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්, රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියම කළේය.

Read More

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රාජ්‍ය පාලන සමයේදී අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දුන්නේය.

Read More

කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට තම උපහාරමය ස්තූතිය හිමි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

වර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මීට පෙර රට තුළ ඇතිවූ අනෙක් පොකුරු මර්දනය කළ ආකාරයටම මේ කෝවිඩ් පොකුර මර්දනය කිරීම පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ඡන්දයට වඩා ඡන්ද දායකයාගේ ජිවිතය වටිනා බැවින් පවත්නා අවධානම මත මහ මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

Read More

නාවික සෙබළුන් අතර කොවිඩ් 19 ව්‍යාප්තිය සිදුවූයේ ක්‍රමිකව වුවත් කන්දකාඩුහිදි ඊට පරස්පර තත්ත්වයක් දක්නට ලැබුණු බවත් එහිදී නේවාසිකයන් 479 දෙනා අතරින් පුද්ගලයන් 339 දෙනෙකුට රෝගය වැළඳී තිබෙන බව පසුගිය දහ වෙනිදා වන විට වාර්තා වී තිබුණු බවත් එම තත්ත්වය තුළ අදාළ පොකුරු කෙටි කාලෙකින් අවසන් වෙතැයි අනුමාන කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මහනුවර දී පැවසීය.

Read More

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

Read More

පෙරටත් වඩා වැඩි ජවයකින් මෙවර මැතිවරණ සටනට මුහුණදී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළා

Read More

එක්සත් ජාතික පක්ෂයේ වරණය වන කොළ පාට සමගි ජන බලවේගය විසින් භාවිත කරමින් සිටින බවත් එය වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

සියලු බන්ධනාගාරවල රඳවා ඇති රැඳවූවන් බැලීම අමුත්තන් සදහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Read More

කොවිඩ් - 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට ජපානය විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1360ක ප්‍රදානයක් ලබාදී තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා හා සමීපව කටයුතු කළ පුද්ගලයන් අතරින් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව මේ වන විට 210කගේ වාර්තා ලැබී ඇති බවත් එම සියල්ලම ප්‍රතිඵල සෟණාත්මක බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.