saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11407 hours ago

LATEST

බඹරගල ගවේෂණාත්මක පෝතක පා ගමන අනිද්දා 10දා

calendar_today 2019 මාර් 08 - 13:29 remove_red_eye - 388  

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ’බඹරගල ගවේෂණාත්මක පෝතක පා ගමන’ මෙවරද අනිද්දා (10දා) පැවැත්වේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවත දැමිමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කටයුතු කළේය.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.

Read More

ඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මෙවර මහ කන්නයෙන් ලැබීමෙන් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් බව කියන වැල්ලේ සුරංග යන අයගේ ප්‍රධාන ගෝලයෙක් බව කියන ළිහිරු නයනප්‍රිය (23) නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අද (08දා) අළුයම තුනට පමන කොල්ලුපිටිය හංදිය අසළ වෙළඳසැලක සිදුවූ යම්කිසි පිපිරිමකින් වෙළඳසැල් 11ට පමණ අලාභහානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි.

Read More

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී බුහුමනට ලක් වූවාය.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමට ඉදිරිපත් කරන යෝජනාවලිය ශ්‍රී ලංකාවට හිතකර ලෙස සංශෝධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය මැදිරි තුළ කාන්තාවන්ට පමණක් ‌ වෙන්වූ දුම්රිය මැදිරි වෙන් කිරීම නිල වශයෙන් අද (08දා) සිදුවිය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ.

Read More

කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා නොකොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්‍රීපාදස්ථානයට ඇතුළුවන ස්ථානය ‘%ශිව පාදම්’ ලෙස වෙනස් කිරීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (7දා) නියෝග කර ඇත.

Read More

වාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.

Read More

මෙරට තුළ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් කිලෝවොට් 100ට අඩු බැටරි ධාරිතාවක් සහිත විදුලි වාහන සඳහා ලබාදී ඇති බදු සහනය පිළිබඳව යළිත් සලකා බලන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අයවැය 2019 යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසුකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රි ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.

Read More

මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්තාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.

Read More

මේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති ’’හෝම් ස්විට් හෝම්’’ ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07 ) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇති බව සඳහන් වේ.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (07) නියෝගයක් නිකුත් කළේය.

Read More

අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අනුමැතිය ලබා ගැනිමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Read More

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අද දින (07) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී හමු වි ඇත.

Read More

පෞද්ගලික අංශයට හා දේශපාලනඥයන්ට බලපැවැත්වෙන ආකාරයටම අල්ලස් නීති සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

Read More

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read More

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් සමන්විත සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය මඟින් පියවර ගෙන තිබේ.

Read More

2019 වසරේ සිට වසර 3ක කාලයක් සඳහා උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය වෙනුවෙන් නොර්වේ රජයෙන් නොවේජියානු මුදලින් රුපියල් මිලියන 60ක මුදල් ආධාරයක් ලබා දීමට පියවර ගෙන ඇත.

Read More

නීතිවිරෝධි ලෙස වනඅලි ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නිරංජන් රෝෂාන් අලීස් නොහොත් අලි රෝෂාන් ඇතුළු සත්දෙනා අද (7) නිදහස් කිරිමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළේය.

Read More

මද්‍යසාර සම්බන්ධයෙන් තොරතුරු තිබේනම් ඒ පිළිබඳව දැනුම් දිමට නව දුරකථන අංක තුනක් හදුන්වා දි ඇත.

Read More

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි වැඩ කටයුතු මාර්තු 14 වනදා සිට ආරම්භ කෙරෙන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Read More

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධවී හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි බව කියන පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 2ක් ඇතුලත් විවිධ ප්‍රමාණයේ පැකට් 4ක් සමඟ බදුල්ල පිංඅරාවේදි බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් නිලධාරින් විසින් ඊයේ (6) රාත්‍රී 8.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරය අත්හිටුවීමට හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නියෝග නිර්මාණය කළ හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂය ඊයේ (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

යහපාලන ආණ්ඩුවේ වසර තුනහමාරක් පමණ ඌරු මීයන් සිටි බැවින් සැලසුම් කළ වැඩ ඉටුකිරීම අපහසු වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.