බඹරගල ගවේෂණාත්මක පෝතක පා ගමන අනිද්දා 10දා
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් වාර්ෂිකව පවත්වනු ලබන 'බඹරගල ගවේෂණාත්මක පෝතක පා ගමන' මෙවරද අනිද්දා (10දා) පැවැත්වේ.
මෙය සිදුකරනු ලබන්නේ වසර 34ක කාලයක් පුරා ගුරුවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස මෙම විදුහලට සහ සිසු දරුවන්ට අමිල සේවයක් කරමින්, සිය දිවියේ අවසාන දිනය දක්වාත් සේවය කර වියෝ වූ ගුරු භවතෙකු සිහිපත් කරමිනි.
මෙම පා ගමන මහනුවර දිසාවේ පෝතකයන්ට ඇති එකම පා ගමන වන අතර, ඊට දිසාවේ පෝතකයන් 500කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ.
මෙම කඳු තරණය කිරීම අතරතුරදී පෝතකයන්ට විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට අවස්ථාව උදා වන අතර ඒවා ඔවුන්ගේ දැනුම වර්ධනයට අත්දැකීමක් වනු ඇත.
මෙම කඳු මුදුන තරණය කළ විට පෙට්ටිගල යනුවෙන් හැඳින්වෙන ගල්තලාවද හමුවන අතර, එහි සිට ඓතිහාසික තෙල්දෙණිය නගර හා එම ප්‍ර‘දේශය මහවැලි ජලාශයට යට වී ඇති අයුරු මැනවින් නැරැඹිය හැකිය.
මෙම සියලු කටයුතුද සැකැසී ඇත්තේ පෝතක බාලදක්ෂයාගේ ඉදිරි බාලදක්ෂ කටයුතු පිළිබඳ අවබෝධ ලබා ගැනීමට හා සහෝදරත්වය යන්න කුමක්දැයි වටහා ගැනීමට වන අතර, මේ සියලු කාර්යයන් සිදුවනුයේ වත්මන් විදුහල් සමූහ බාලදක්ෂ නායක බී.ඩබ්.එස්. කරුණාතිලක මහතා, ආදී බාලදක්ෂයන් සමූහයේ බාලදක්ෂ දරුවන් සහ විදුහලේ වත්මන් විදුහල්පති පී.ජී.එස්. බණ්ඩාර මහතාගේ අධීක්ෂණය හා උපදේශනයන් සමගිනි.

popular news
-
Champa Friday, 08 March 2019 05:24 PM
මේ ගැන කලින් අහල තිබ්බේ නැහැ. බොහොම හොඳයි. බාලදක්ෂ ව්‍යාපාර ක්‍රියාකාරකම් මගිනුත්, පරිසර ගවේෂණාත්මක වැඩ සටහන් වලට දරුවන් වැඩි වැඩියෙන් යොමු කිරීමෙනුත් එක පැත්තකින් පෞරුෂ වර්ධනයටත් සාමුහික හැඟීම් වර්ධනයටත් අනිත් පැත්තෙන් මිනිසා සහ පරිසරය අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමටත් උදව් වෙනවා. හැමෝටම මගේ සුබ පැතුම්..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
