ලාල් කාන්ත ඇප ලැබිමෙන් පසු කියු දේ
ශ්‍රී ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෝසමක් මගින් ඇප ලැබීමෙන් අනතුරුව අද (7දා) අනුරාධපුර උසාවිය අසලදී ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා.
"පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරුපැදියක ගැටී අනතුරක් සිදු වුණා. මම කනගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බරපතළ හානියක් නොවී එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව පැමිණි යතුරුපැදිය තමයි මගේ වාහනයේ ගැටුණේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොලිසියේ විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා, එතැනින් පසුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා..
මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.
නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා. පොලීසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා යැයි” ඔහු පැවසිය.
අනුරාධපුර - පි.බි.චතුරංග

popular news
-
Champa Thursday, 07 March 2019 08:23 PM
ඒ වුනාට වෙන මොනවට බොරු කිව්වත් බීල හිටිය කියලා පොලිසියට බොරුවක් කියන්න බැහැනේ, නේද? ගොරක දඩමස් වෙනවා වගේම කිතුල් ගහට ගියපු මිනිහටත් හේතුවක් තිබ්බලු.
Reply : 0 19
කෝලිත Thursday, 07 March 2019 08:43 PM
ඒකනෙ අපි කියන්නෙ මෙයා බීල නැනැ....බීපු බයිසිකලයක් මෙයාව හප්පල....පව් අහින්සකය..
Reply : 0 12
dhamneth Thursday, 07 March 2019 10:28 PM
ඔබත් බිමත්ව සිටිය නම් ඔබත් ඔබේ පක්ෂයත් අනිකුත් පක්ෂවලට වඩා හොඳයි නීති ගරුකයි කියා පිළිගන්න බැහැ.
Reply : 0 12
ගමගේ වෙරිනැති Friday, 08 March 2019 03:50 AM
ඉතින් පූසෝ කියන්න ඔයා මොනවද ගහල හිටියේ කියලත්.... නිකම්ම නිකම් remand කරන්නේ නැහැනේ... ඔකතමයි තමන්ගේ අය විසින් පසුගිය අර්ධ ශතකයක කාලයක් තිස්සේ කරපු මිනීමෙරුම් වල arrears තවම ගෙවන්න තියා ඒගැන කණගාටුව වත් මෙතෙක් ඇසී නැත .. ඔයාලට යම් කැමැත්තක් දක්වන අයත් මේවගේ වැඩ නිසා දේශපාලනයේ අතරමන් වෙනවා ... වහාම අවංකව තමන්ගෙන් වෙච්ච වරද කියා පිළිගෙන සමාව ඉල්ලා හොඳ මිනිසෙකු වන්න ... අපි දැන් ඔය බයිලා හැම පැත්තෙන අහල ඉන්නේ, මහජනතවට තවත් බොරු පාර්ට් දන්නා එන්න එපා .. ලැජ්ජයි Dr(unkan ) සහෝදර මහත්තයෝ .... මමනම් අර අප්පා කාල පතෝලගේ වැලක එල්ලී එල්ලුම් ගහට ටෙස්ටින් එකක් දෙනවා ...
Reply : 0 15
Sunil Friday, 08 March 2019 04:32 AM
නිකන් බොරු එපා. ඔබ ලන්ගේ ඇත්තෙත් ප්‍රෝඩාව.
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
