රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂ නායකතුමා හමුවෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අද දින (07) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී හමු වි ඇත.
මෙම හමුවේ ප්‍රධානතම අරමුණ වූයේ අයවැය යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමය.
මෙහිදී කිරිපිටි, පාන්පිටි සහ ආනයන පළතුරු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කළේය.
තවද, වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු පිළිබඳවද ඔවුහු කරුණු ඉදිරිපත් කළහ. අපේ රටට උචිත ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් තීරණය කිරිමේ වගකීම මේ ආණ්ඩුව පැහැර හැර ඇති බැවින් ඒ පිළිබඳව විපක්ෂයේ අවධානය යොමු කරන ලෙසද වෛද්‍ය සංගමය ඉල්ලා සිටියේය.
විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟද සාකච්ඡා කොට වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සොයාබලා සුදුසු කටයුතු සිදු කරන බව විපක්ෂ නායකතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත දන්වා සිටියේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Don Thursday, 07 March 2019 07:05 PM
GMOA එකට මහින්දම තමයි.සාමාන්‍යයෙන් වුර්ථීය සමිතියකට ජාති, ආගම්, කුල, පක්ෂ, පාට තියෙන්න බැහැ. නමුත් දොස්තරලටයි, නර්ස් නෝනලටයි, මහින්ද නැතුව කක්කුස්සි යන්නත් බෑ.
Reply : 0 137
බන්දු Thursday, 07 March 2019 08:25 PM
මහින්දගේ ආණ්ඩුවක යටතේ සෞඛ්‍ය ඇමතිකම බලාපොරොත්තුව ඉන්නා පාවාදෙණිය..
Reply : 0 207
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
