දැන් තියෙන්නේ ඉන්න හිතෙන රටක් නෙවේ කන්න නැති රටක් - පවිත්රා
අද රටේ තිබෙන වර්තමාන තත්ත්වය ගත්තොත් ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට හසු වි ඇති බවත්, මේ රටේ අම්මාවරුන්ට කන්න දෙන්න විදිහක් නැතුව දරුවත් අරගෙන කෝච්චියට පනින්න තත්ත්වයක් ඇති වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී පවිත්රා වන්නිආරච්චි මහත්මිය ප්රකාශ කළාය.
අද (17) කොළඹදි පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්රීතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්රීතුමිය,
“ඊයේ ආයෙත් පිටි මිල වැඩි කළා. අපේ ආණ්ඩුව කාලයේ සියයට හයක් තිබුණු ආර්ථික වර්ධන වේගය මේ වෙන කොට සියයට තුනක් දක්වා අඩු වුණ බව මහ බැංකු අධිපතිවරයා පිළිගත්තා. ඩොලර් එක නගිනවා, කොටස් වෙළඳපොළ බිඳ වැටිලා. උද්ධමනය ශිඝ්රයෙන් ඉහළ ගිහිල්ලාග මේ අය ටීවි නාලිකා වල ලස්සන ප්රචාරක දැන්වීම් දානව ඉන්න හිතෙන රටක් කියලා.
ඒ කාලේ අපි බදු ගහනවා කියලා අපිට චෝදනා කළා. අද ඒ වගේ දෙගුණයක් බදු ගහනවාග ඒ නිසා පිටි මිල ඉහළ යාම නවත්වන්න රජයට බැරි වෙලා. නමුත් පිටි මිල ඉහළ යන එක නවත්වන එක රජයේ ප්රබල වගකීමක්. දැන් තියෙන්නෙ ඉන්න හිතෙන රටක් නෙවෙයි කන්න නැති වෙන රටක්. ඒ වගේ කාලයක් මේ රටට ඇති කළේ සිරිසේන රනිල් යුගයයි.
ජනාධිපති පළාත් සභා ඡුන්දය ගේන්න හදනවා. දැන් පළාත් සභා ඡන්දය අවුරුදු දෙකකට වැඩිය ප්රමාද කරලා තියනවා. මේ ආණ්ඩුව ගේනකොට කිව්වේ යහපාලනය ප්රජාතන්ත්රවාදය වගේ වචන. නමුත් ජනතා ප්රජාතන්ත්රවාදය රකින්න මැතිවරණයක් වත් තියාගන්න බැරි වෙලා තියෙනවා. ඡන්දෙ තියන්න බයයි.
ඡන්දෙ තිබ්බොත් මේ ආණ්ඩුව අනිවාර්යයෙන් පරදිනවා. ඒ නිසා දිගින් දිගටම මැතිවරණය කල් දානවා. දැන් පළාත් සභා ඡන්දය ගේන්න හදනවා. පළාත් සභා ඡුන්දය කල් දමමින් ඒ පිළිබඳව ජනාධිපතිතුමා බරපතළ ලෙස වගකියන්න ඕන. නමුත් අගමැති රනිල් වික්රමසිංහ සෘජුව වගකියන්න ඕන කියන එක අපි කියනවා. පළාත් සභා මැතිවරණය පිළිබඳ කතානායක කමිටු වාර්තාව අදටත් නැහැ.
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා මරණ දඬුවම ක්රියාත්මක කරන්න ඕනේ කියලා කියනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය මරණ දණ්ඩනය නැති කරන්න ඕනේ කියන නීති පවා නීති පොතෙන් ඉවත් කරන්න හදනවා. හැමදාම මේ ආණ්ඩුව කළේ යම්කිසි ප්රශ්නයක් ඇදගෙන ගැටීමයි. ඒ නිසා ජනතාවට කිසිම සේවයක් වුණේ නැහැ. අපේ ආණ්ඩුව කාලේ ජනාධිපතිවරයා තීරණයක් අරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකාකාරීව ඒක ගමට අරගෙන ගියා. ඒ නිසා රට සංවර්ධනය වුණාම ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගියා. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්රමසිංහ අතර පවතින මතවාදී ඝට්ටනයක් නිසා අද රට අයාලේ යනවා. මේ විරසකය බිම් මට්ටම දක්වා ගිහිල්ලා ඉවරයි. මේ ආණ්ඩුව ගේනකොට අපි ජනතාවට කිව්වා ඔබ මේ කැඳ හැලියක් ගෙන්නයි උත්සාහ කරන්නේ කියලා” යනුවෙන් මන්ත්රීතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
කෂිනි හපුආරච්චි

popular news
-
Nandana Wednesday, 17 July 2019 09:30 PM
පව් සත්ව කරුණාව පහලවෙලා ,
Reply : 0 21
shan Monday, 22 July 2019 04:46 PM
අපවිත්රවූ පවිත්රගේ අදෝනාව!!!!1 විදුලිබල මණ්ඩලෙන් හොර කාපුවා දැන් ඉවර වෙලා වගේ අඩන්නේ
Reply : 0 0
Don Thursday, 25 July 2019 08:51 AM
මෙයාට නම් හොඳටම පිස්සු, එදා පාර්ලිමේන්තුවේ මේසවලට තප්පු ගැහැව්වේ රස්තියාදුකාර කෙනෙක් වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

