බංග්ලාදේශ තරගාවලියෙන් පසු ක්‍රිකට් පුහුණුකරුවන් සියල්ලන්ම ඉවතට
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (17දා) සවස පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි තීරණයක් ගත්තා බංග්ලාදේශ සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් ඉවත් කරලා, එම පුරප්පාඩු පිරවීම ගැන සලකා බලන්න. ඒක වෙනස් විය යුතුයි.
ඕක ඉස්සෙල්ලා වෙනස් කරන්න කියලා ජනතාව කිව්වට, ලෝක කුසලානයක් අත ළඟ තියාගෙන වෙනස්කම් කරන්න බැහැ. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටත් දුරකථනයෙන් අමතලා ඒ පිළිබඳ ලිපියකුත් ඔහුට යැව්වා. ඕනම පුහුණුකරුවෙකුට ඉලක්කයක් තිබිය යුතුයි. එම ඉලක්කයේ රැඳිය යුතුයි. එහි සියයට ගණනකින් රැඳිය යුතුයි. එහෙම නැත්නම් ඒ අය අයින් විය යුතුයි"යැයි පැවසීය.

popular news
-
Dayan Thursday, 18 July 2019 10:44 AM
ප්‍රශ්නයට හරි විසදුමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

