කැනිමකදි ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් සොයා ගැනේ
මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බවට යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
කුරුන්දන්කුලම් වැව අසල පිහිටි මෙම ගණදෙවි කෝවිලේ කැනීම් කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය හා යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාල නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
පසුව සිදුකරනු ලැබූ කැනීම් වලදී එහි තිබී හමු වූ ගණ දෙවි පිළිමය පරික්ෂාවට භාජනය කිරිමෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය බී.පුෂ්පරත්න මහතා විසින් පරික්ෂාවකට භාජනය කොට ඇති අතර ඔහුද එම ගණදෙවි පිළිමය 13 වන සියවස දක්වා ඉපැරණි ඉතිහාසයක් ඇති බවට සැක පළ කොට ඇත.
කෙසේ වෙතත් අදාළ ගණ දෙවි පිළිමය හා අනෙකුත් පුරාවිද්‍යා නටඹුන්හි නිශ්චිත කාල නිර්ණයක් සිදු කොට නොමැති බවත් එහි පරික්ෂා කිරීම් කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවටද යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කොට සිටියි.


popular news
-
Champa Thursday, 18 July 2019 03:10 PM
අරුමයක්යැයි, 13 වෙනි සියවසේ තමයි කාලිංග මාඝ පොලොන්නරුව ආක්‍රමණය කලේ. ඊට පස්සේ පන්සල් තිබ්බ හැම තැනම කෝවිල් හැදුව. හින්දු පිළිම තිබ්බ. වෙන එකක් තියා කාලිංඝ මාඝගේ සෙනෙවියෙක් කතරගම නගරය ආක්‍රමණය කරලා මුළු නගරයම විනාශ කරලා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ ඒ කියන්නේ 1 BCE කාලේ හදපු කතරගම දෙවියන්ගේ දේවාලේ හින්දු මුරුගන් දේවාලේ කියල වෙනස් කළා. අනිත් එක මේ පුරාවස්තුව ඒ තරම් පරනයි කියල කියන්න නම් පර්යේෂණ කරන්න එපාය. තව ටිකක් හෑරුවොත් බුදු පිළිම හම්බ වෙයි. ලංකාවේ සියලු හින්දු දේවාල දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් පන්සල් විනාශ කර කර ඒ තැන්වල හැදු දේවල් මිසක් මේ රටේ දේවල් නෙමෙයි..
Reply : 0 0
Deepal Nirosh Friday, 19 July 2019 11:00 AM
සංරක්ෂණය කෙසේ වෙතත් මේ නටඹුන් ඩෝසර් කරන්න කලින් ආරක්ෂණයට ක්ෂණික වැඩ පිළිවළක් යෙදීමයි අත්‍යාවශ්‍ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

