රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවුවාට 77,500ක දඩයක්
බිමත්ව රියදුරු බලපත්‍රය, අදායම් බලපත්‍රය, රක්ෂණ බලපත්‍රය, නොමැතිව ත්‍රිරෝද රථයක් ධාවනය කිරිමේ චෝදනා මත හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකුට අදාළ චෝදනා සදහා වරදකරු වුයෙන් හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා විසින් රුපියල් හැත්තහත්දහාස් පන්සියයක දඩ මුදලක් ගෙවිමට අද (17) දින නියෝග කළේය.
ගිනිගත්හේන පොලීසියේ නිලධාරින් විසින් බිමත් රියදුරන් වැටලිම සදහා කලුගල ප්‍රදේශයේදි කරන ලද සෝදිසියකදි මෙම ත්‍රිරෝද රථ රියදුරු පරික්ෂා කිරිමෙදි එම රියදුරු බිමත්ව සිට ඇති අතර වැඩිදුර කරන ලද පරික්ෂාවකදි එම රියදුරා සතුව ඉහත සඳහන් බලපත්‍රද තිබි නොමැති අතර ඒ අනුව එම රියදුරු මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කරන ලද එම සැකකරු වන කිතුල්ගල මල්වත්ත පාර පදිංචි එස්. ඒ. විකුම් විජයකුමාර යන අය අදාළ චෝදනා සදහා වරදකරු වුයෙන් හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා මෙම දඩ මුදල ගෙවිමට එකි චුදිතයාට නියෝග කරන ලදි.

popular news
-
kapila Wednesday, 24 July 2019 10:28 PM
වෙනසකට කතිරේ ගහල ඇන ගැනීම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

