එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ලබන ජයග්‍රහණය මත පක්ෂයේ හා පාක්ෂිකයන් ගේ අනාගතය රැඳී පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමයින් කෲරත්වයට පත් කිරීම් පිළිබඳ පැමිණිල් 2144ක් වාර්තා වූ බවත් 2018 වර්ෂයේදී එය 2413 දක්වා වැඩි වී ඇති බවත් එම අධිකාරිය පවසයි.
Read Moreකැබිනට් අනුකාරක කමිටුව තුළින් දුම්රිය නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබෙයි.
Read Moreරජයේ සේවකයන්ට වැඩි කළ බව කියන සියයට 107 ක වැටුප් වැඩිවීම සහ රුපියල් 2,500 ක දීමනාව විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයටත් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සංවිධානයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවක පිරිස අද (30) වනදා මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
Read Moreලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යංශය පවසයි.
Read Moreකොන්දේසි හෝ වෙනත් කරුණු හෝ කුමන වචනය භාවිතා කළත් මැතිවරණ ව්‍යාපාරය සජිත් ප්‍රේමදාසට මෙහෙයවන්න තරම් ශක්තියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.
Read Moreහබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
Read Moreවිශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතවරුන් 20 කට වැඩි පිරිසක් දෛනික වැටුප් පදනම මත මේ වන විට සේවයට එක් වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.
Read Moreඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත යොමුකර තිබේ.
Read Moreපාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පවත්වා ගෙනයාම වෙනුවෙන් සුදුසුකම් සහිත විශිෂ්ට නායකත්ව හා කළමනාකරණ හැකියාවන්ගෙන් යුත් විදුහල්පතිවරුන්ගේ දායකත්වය ලබාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 1858ක් බඳවාගැනීමට පසුගිය දා පියවර ගනු ලැබූ අතර, එම විදුහල්පතිවරුන් සේවාරම්භක පුහුණුව යොමු කිරීම ඔක්තෝබර් 02 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි නුවර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreසිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.
Read Moreවෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන අසාධාරණ වර්ජනයන්ට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreපුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබේ.
Read Moreනාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (29) දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read More2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතය.
Read Moreසතොස සේවකයින්ට අහිමි කර තිබෙන රුපියල් දෙදහස් පන්සියේ මාසික දීමනාව වහාම ලබාදෙන ලෙස ඉල්ලා අද (30දා) දින විරෝධතා පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
Read Moreඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත් පැවැසීය.
Read Moreතිරුක්කෝවිල් පොලිස් වසමේ පොතුවිල් අක්කරපත්තුව ඒ 01 මාර්ගයේ අද (30) පස්වරු 1.00 ට පමණ අක්කරපත්තුව සිට පොතුවිල් දක්වා ධාවනය වු යතුරුපැදියක් පාලනය කර ගත නොහැකි විමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වි ඇත.
Read Moreපහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමිව තිබේ.
Read Moreමධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාඋල , අඹන මහ වෙල්යායේ අස්වනු නෙළිමට වර්ෂා තත්ත්වය බාධාවක් වී ඇතැයි ගොවීහු පවසති.
Read Moreමෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව විශේෂ තීන්දු තීරණ කිහිපයක් අද (30දා) ගැනීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව ඉදිරි සති දෙක තුළ ජනතා අයිතියට පත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
Read Moreලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය ඊයේ (29දා) පෙරවරුවේ ප්‍රදර්ශන හා සම්මෙලන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
Read Moreඅග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreඒ එම ස්ථානය වෙනුවෙන් පැවැති තරගයෙන් චීනය හමුවේ ලකුණු 27-12ක් ලෙසින් පරාජයට පත්වීමෙනි. මෙම තරගාවලිය ඊයේ (29දා) කොළඹ තුරග තරග පිටියේදී අවසන් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේදී ප්‍රභල දකුණු කොරියාව ලකුණු 24-10 ක් ලෙස පරාජය කලේය.
Read Moreඅද පොහොට්ටුවට ජයග්‍රහණය වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreහබරණ හිරිවඩුන්න තුම්බි කුලම රක්ෂිතයේ මියගිය වනඅලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම සතුන්ට පිටතින් වෙනත් ආහාරයක් මගින් වසක් විසක් ලබා දුන්නේ යැයි සැක කිරීමට තරම් සාධකයක් මෙතෙක් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය නොවූ බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද (29 දින පැවසීය.
Read More