බස්රථවල සුභාවිත ගීත 15දායින් පසු
සියලුම බස් රථවල ඝෝෂාකාරී සංගීත තැටි හා විඩියෝ පට ප්‍රදර්ශනය ජනවාරි 15න් පසු නතර කරන ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“සියලුම බස් රථවල මහජනතාවට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ගීත තැටි හා වීඩියෝ පට ප්‍රදර්ශනය නැවැත්වීම සඳහා ජනවාරි මස 15 තෙක් අපි කල් දෙනවා. එම කාලය ලබා දෙන්නේ ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර තිබෙන ගීත තැටි ලබා ගැනීමට අවශ්‍ය කාලයක් සියලුම බස් රථ රියදුරන්ට ලබා දිය යුතු නිසා.
ජනවාරි මස 15න් පසු බස් රථවල ඝෝෂාකාරී සංගිතය නවත්වන ලෙස මම සියලුම රියදුරු මහත්වරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉන්පසුව අපි එම පියවර නියාමනය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.”
ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා මෙම අදහස් පළ කළේ ඊයේ (31) පස්වරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහණ මධ්‍යස්ථානයේ දී පැවැති උත්සවයක් අමතමිනි.
මගී බස් රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කෙරෙන ගීත වෙනුවට සරළ සුභාවිත ගිත සමුච්ඡයක් ජාතික ගමනාගමන කොමිසම විසින් හඳුන්වා දී ඇති අතර එම ගීත සමුච්ඡය බස් රථ හිමියන් ට හා රියදුරු මහත්වරුන්ට පිලිගන්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

-
samson de silva Wednesday, 01 January 2020 04:16 PM
ඉතාම කාලෝචිත පියවරක්. ඇමතිතුමනි ඔබට මගේ ප්‍රණාමය. සෞදි අරාබියේත් මෙහෙම තමයි. මිනිස්සු ඇසිය යුතු ගීත, දැකිය යුතු දර්ශන ආණ්ඩුවෙන් තමයි තීරණය කල යුතු වන්නේ. මේ මෝඩ අලුගුත්තේරු හැත්තට දෙන්න එපා කිසිම නිදහසක්. දුන්නොත් රට ඉවරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

