නව වසරත් සමග උදාවන්නේ තීරණාත්මක කාලසීමාවක් - මෛත්‍රී
නව වසරත් සමග උදාවන්නේ තීරණාත්මක කාලසිමක් බවත් ඒ සියල අභියෝග පුද්ගලයන් වශයෙන් මෙන්ම දේශයක් ලෙසද ජයගත යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව පවසයි. නව වසර ආර්ථික සංවර්ධනයේ මෙනම් දේශපාලන ක්ෂේත්රයේ සුවිශේෂී වසරක් බවද ඔහු පවසයි.
උදාවන නව වසර ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන සුභ වසරක් වේවා යැයි ප්‍රාර්ථනය කරමි
2020 නව වසරත් සමඟ උදාවන්නේ තීරණාත්මක කාලපරිච්ඡේදයකි. ඒ හා බැඳුණු සියලු අභියෝග පුද්ගලයන් වශයෙන් ද, දේශයක් වශයෙන් ද ජය ගත යුතු අවස්ථාවකි.
මෙම වසර ආර්ථික සංවර්ධනයේ මෙන්ම දේශපාලන ක්ෂේත්රයේ ද සුවිශේෂී වසරක් වන්නේය. මේ සියල්ල කරා අප පියවර තැබිය යුත්තේ ජාතික සමගියත්, සාමයත් සංහිඳියාවත් සුරක්ෂිත කොටගෙනය. ජාතියේ සැබෑ සමෘද්ධිය උදාකර ගැනීමටත්, රට ගොඩනැඟීමටත් ඇති නිවැරදි මඟ එය බව අප අවබෝධකරගත යුතුයි.
එමෙන්ම අපගේ අධිෂ්ඨානයන් පරිපූර්ණ කරගත හැක්කේ අප පූර්ණ ලෙස පොදු යහපත වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කාලය කළමණාකරණය කරගනිමින් නිවැරදි දේ නිවැරදිව ඉටුකිරීමේ වගකීමකට අනුගත වීමෙනි. එළැබෙන හෙට දවසේ අපට මුහුණ දෙන්නට සිදුවන සොබාදහමේ අහිතකර සංචලනයන් අප තේරුම් ගත යුතුය. පරිසරය කෙරෙහි අප ඉතා දැඩිව සංවේදී විය යුතු බව කාළගුණික සාධක අපට බලකර සිටී.
වඩාත් සුබවාදී වාසනාවන්ත අනාගතයක් ගොඩනැඟීමටත් අද ජීවත්වන ජනතාවට මෙන්ම හෙට උපදින දරුවන්ටත් හොඳ රටක් ගොඩනැඟීම වෙනුවෙන් ස්වකීය යුතුකම් ඉටුකිරිමට සියලුදෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතර, ලැබුවා වූ නව වසර සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවා යි පතමි.

-
sam Tuesday, 31 December 2019 10:01 PM
ඇයි තමුන් අයිමත් දේශපාලනයේ ඉපදෙනවද ?
Reply : 0 1
Don Wednesday, 01 January 2020 09:08 AM
තනතුරු අත්හරින්න පුරුදුවෙන්න ඕන කියල බණ කියපු ලොක්ක අයෙත් පාර්ලිමේන්තුවට එන්න වලිකනවා.
Reply : 0 1
Nandana Wednesday, 01 January 2020 09:18 PM
මොනවා ආයෙත් ?. මහජන මුදලින් එපා ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

