ත්රිරෝද රථ ගාස්තු අද සිට අඩුවෙයි
අද (01දා) සිට තම සංගමයට අයත් ත්රිරෝද රථවල ගාස්තුව අඩුකර රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.
මේ අනුව මෙතෙක් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් හැටක ගාස්තුව රුපියල් පනහ දක්වා රුපියල් දහයකින් අඩු කරන බවත්, දෙවැනි කිලෝමීටරය ඇතුළු එතැනින් පටන්ගන්නා සෑම කිලෝමීටරයක් වෙනුවෙන් අය කළ රුපියල් හතළිස් පහක මුදල රුපියල් හතළිහ දක්වා රුපියල් පහකින් අඩු කරන බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.
රජය ලබාදුන් බදු සහන යටතේ ත්රිරෝද රථ අමතර කොටස් මිල පහළ ගොස් තිබෙන බවත්, මේ අනුව එම වාසිය ජනතාවට ලබාදීමට මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.
ලක්ෂ අටහමාරකට අධික ත්රි‘රෝද රථ ප්රමාණයක් මගී සේවාවල නිරත වන බවත්, ඒ සියලුම ත්රි‘රෝද රථ නියාමනය කර මගියාට ගුණාත්මක සේවාවක් ලබාදීමේ වැඩපිළිවෙළ රජය විසින් සිදුකළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

-
Douglas Gunasekera Wednesday, 01 January 2020 06:14 AM
In good governance it is funny a TUK TUK Trade union says the charges are reduced to Rs. 50/= from Rs. 60/=. We already enjoying Rs. 50/= There shall be a Government Regulator to oversee and regulate charges and other issues of TUK TUK (Worst service in Sri Lanka) not an association
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

