අකාර්යක්ෂම රාජ්‍ය සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා - ජනපති
පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව එතුමා පවසා සිටියි.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බවත් සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බවත් මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම ලක්ෂ 15 ක් වන සමස්ත රාජ්‍ය සේවයකයන්ගේ ප්රමුඛ වගකීමක් වන බැවින් එහිදී විවෘත සංවාද, සාකච්ඡා සහ නොසඟවා ගැටලු ඉදිරිපත් කිරිම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේ ද රාජ්‍ය සේවය රටේ කොදුනාරටිය හෙයින් බවත් ජනාධිපතිතුමා මෙහිදි පැවසීය.
රාජ්‍ය සේව සියලු අක්‍රමිකතා බැහැර කළ දෛනික ජන ජිවිතයට වැදගත්වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇතැයිද එතුමා සඳහන් කළේය.
රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් දෙන බව පැවසූ ජනාධිපතිතුමා යළි කිසි දිනක ඔහුට රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බව ද අවධාරණය කළේය.
අල්ලස් ගන්නන් සේම, දෙන්නන්ද නීතියේ රැහැනට හසු කර ගැනිමට අපේක්ෂා කෙරේ.
විදේශීය ආයෝජකයන් තුළ මෙන්ම සමස්ත ලෝකයේම රට පිළිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය මත බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමෙනි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල නිරත ජනතාව උපයන ආදායමෙනි. එහෙයින් සමස්ත ජනතාවට කාර්යක්ෂම සහ පවිත්‍ර රාජ්‍ය සේවයක් ලබාදීමට සියලුම සේවකයන්ගේ ප්රමුඛ වගකිමක් බව ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

-
Don Wednesday, 01 January 2020 09:03 AM
බදු රහිත සුකෝපභෝගී වාහන, රජයෙන් ඉන්ධන දීම, පවුලේ යට එහා මෙහා යාමට, එයාලගේ දරුවන් පාසල්වලට, පන්තිවලට ගෙනයාම නවතුවොත් ධනය ඉතිරි කරන්න පුළුවන්. එංගලන්තේ අගමැති බොරිස් ජොන්සන් යන්නේ පාපැදියෙන් පාර්ලිමේන්තුවට. හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ගියෙත් පාපැදියෙන්. ඉතින් ඒ මිනිස්සු ආදර්ශයට ගත්ත නම් ලංකාවම ගොඩ. සුපිරි පාසල් අවට ත්‍රිවිධ හමුදාවන්ට අයත් දහස් ගණන් වාහන,යුනිෆෝර්ම් රණවිරුවෝ කීදෙනෙක් රස්තියාදු වෙනවද. මේවා තමයි නැවතවන්න ඕන. ලෝකේ කොහෙවත් මේ වගේ ක්‍රමයක් නෑ. බස් එකේ, කෝච්චියේ වැඩට ඇවිත් සොච්චමක හරි වැඩක් කරන රාජ්‍ය සේවකයන්ගේ පිටින් සේරම පව් ඇරලා බොරුවට කෑ ගහන්න එපා.
Reply : 0 1
samson de silva Wednesday, 01 January 2020 04:28 PM
රජයේ සේවකයින්ට කිසිම අනුකම්පාවක් දක්වන්න එපා. උන් මහා ගුණමකු ජාතියක්. පහුගිය අවුරුදු හතරේදී උන්ගේ වැටුප් සියයට සියයකටත් වැඩි ප්‍රමාණයකින් වැඩි කළා. උන්ට නිදහස දුන්නා. එහෙත් උන් වැඩි හරියක් පහුගිය ආණ්ඩුවට විරුද්ධව තමයි චන්දය දුන්නේ. එක පැහැදිලියි තැපැල් චන්ද ප්‍රතිපලවලින්. ඔවුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත යුථුඉ, කිසිම අනුකම්පාවක් නැතුව.පාගා ගහන එවුන් වහාම එලවා දැමිය යුතුයි. හැබැයි, එහෙම කලොත් රජයේ සේවක සංක්‍යාව සියයට විස්සකට විතර අඩු වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

