බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් මගින් ලබා ගන්නා විදුලි ඒකකයකට ගෙවන මුදල ඉහළ දැමූ බව විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව දැනට රු. 27ක මුදලක් ගෙවන විදුලි ඒකකයක මිල රු.45.80 කින් ඉහළ දැමූ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
බැටරියක් නොමැති සූර්ය පැනල්වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට ගෙවන මුදල රු.27ක් වන අතර සමහර කාණ්ඩ යටතේ එම ඒකකයකට ගෙවන මුදල මීට අඩු අගයක් ගෙන තිබේ.
පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා බැටරියක් සහිත සූර්ය පැනල්වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට ගෙවන මුදල මේ ආකාරයට ඉහළ දමා ඇත.