ගාල්ල, අක්මීමන ප්රදේශයේදී අද (23) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව ද පොලීසිය සඳහන් කළේය.