saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1409 hours ago

LATEST

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව එන්නේ මෙහෙමයි

calendar_today 2024 නොවැ 05 - 10:23 remove_red_eye - 594  

පොළොන්නරුව, මොනරාගල, කෑගල්ල මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව එක් තීරුවකටත්, අනෙකුත් මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව තීරු දෙකක් ලෙසටත් මුද්‍රණය කර තිබේ.

මිල්කො ආයතනය මෙතෙක් ඉපයූ වැඩිම ආදායම ඔක්තෝබර් මාසයේදී වාර්තා කර තිබේ. ඒ අනුව ඒ මාසයේදී රුපියල් මිලියන 2,019ක ආදායමක් උත්පාදනය කර ඇත. ඊට හේතුව වී ඇත්තේ එම ආයතනය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම බව මිල්කො ආයතනයෙන් අප කළ විමසීමකදී පැවසුවේය.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත මාතර අනුර විද්‍යාලයිය දරුදැරියන් වෙනුවෙන් උදෑසන 5.30 ට පාසල ආරම්භ කර පැය දෙකක් වැඩිපුර අධ්‍යාපනය ලබාදීමට එහි ගුරුවරු කැපවීම අගය කල යුත්තකි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද (05දා) පෙරවරු 08 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

එළඹෙන උත්සව සමයට පෙර රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ ආනයනික මාගරින් මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100කට හා කේක් කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිල අඩු කිරීමක් සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

Read More

දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී ( Asian Model Festival ) ආසියාවේ හොදම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා ( Face of Asia ) සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි11/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

2024 නොවැම්බර් මස 2 දින ඉවත් කිරීමට නියමිතව තිබූ රුපියල් 50 ක් වූ සීනි බද්ද නැවත පැණවීම, දුප්පත් මිනිසාට අල්ලට සීනි ටිකක් ලෙව කා තේ කෝප්පයක් බීමට තිබූ අවස්ථාවත් අහිමි කිරීමක් යැයි මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න පවසයි.

Read More

රුපියල් කෝටි තුනකට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරී බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු සහ පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවේ නඩු පැවරීය.

Read More

ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු 2ක ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.

Read More

දැනට වසර 10කට පමණ පෙර මේ දරුවන්ගේ අම්මා මියගියා. ඒ වනවිටත් මගේ මල්ලී මේ දරුපවුල අතහැර ගිහින් හිටියේ. අම්මත් තාත්තත් නැති මේ දරු දෙදෙනා මගේම දරුවන් වගේ මම හදා ගත්තා.

Read More

වර්ෂ 2023 දී 70% ක් සහ 2024 වසරේදී 80% ක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාසල්වල දරු දැරියන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් 2025 වර්ශය සඳහා එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩිකරන බවටත් තානාපතිවරයා වැඩිදුරත් පවසා සිටියේය.

Read More

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කරවා ගැනීම අද(04දා) සිට මාර්ගගත ක්‍රමයට සිදු කරන බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය පැවසීය.

Read More

ඉන්දුනීසියාවේ Laki-Laki ගිනිකන්ද පුපුරා යාමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ හැත්තෑපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (06 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

නොවැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව එම සමාගම නි​​වේදනය කරයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබා බිල්පත් නොගෙවා රෝහලෙන් බැහැරවී ගිය රෝගීන්ගෙන් රුපියල් මිලියන 23.07 ක මුදලක් රෝහලට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය එම රෝහල් මන්ඩලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

මෝටර් රථ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියවද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ගෙවල් වල ඉන්නවා ’’ගේ ගෙම්බෝ ’’ කියලා ජාතියක් ඒයා මිදුලට විසි කරාම බිමට වැටෙන්නේ ගේ දිහා බලාගෙනම අන්න ඒ් වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවා හැමදාම ඒකම පංතියක් අතේ බලය තියාගන්න හිතන් හිතපු අයට මේ පරාජය දරාගන්න බෑ

Read More

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නි​යෝග කර තිබේ.

Read More

ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් හදිසියේ මිය ගොස් ගොඩ ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සාම්පල් ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතනය වෙත යොමු කළ බව දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ දින (03 ) අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

විදේශ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් 16 දෙනෙකු නැවත මෙරටට කැඳවා තිබේ. ඒ අනුව දේශපාලන හිතවත්කම් මත පත් කර යවන ලද විවිධ දේශපාලන නෑ සබඳතා ඇති තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් මෙරටට කැඳවීමට නියමිතය.

Read More

රුපියල් පනස්දහසකට වඩා වැඩි වටිනාකම් සහිත ජල බිල්පත් නොගෙවීම නිසා ජල සැපයුම විසන්ධි කරනු ලැබූ දිවයිනේ ජල පාරිභෝගිකයන් 4,448දෙනෙකුගෙන් අය විය යුතු රුපියල් මිලියන 695.48ක මුදලක් අය කර ගැනීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොමැති බැව්, 2024 නොවැම්බර් මස 02වෙනිදා විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04දා) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී සිදුවූ අසාධාරණ පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් දස පුද්ගල කමිටුවක් පත් කර තිබේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇත.

Read More

ඇඹිලිපිටිය වලව කලාපයේ මුං අස්වැන්න අලෙවි කිරීමට අදාලව ගැටළු මතු වී නැති බව ගොවි සංගම් නියෝජිතයින් අද (03)) සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර දෙකහමාරක සහල් සම්බන්ධයෙන් ගැසට් දොළහ පැනවීමට උපදෙස් දුන් කණ්ඩායමම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උපදෙස් දී, ලණු ලබාදෙමින් සිටින බවත්, රටේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෝ රුපියල් 220 සහතික මිලට සහල් ලබාදෙන බව මාධ්‍ය සාකච්ඡා පවත්වා, ඔවුන් සිල්ලර වෙළෙඳසල් වලට රුපියල් 220 ක් වැනි මිලකට සහල් ලබාදෙමින් විහිළු සපයන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙ‍රේරා මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.