බණ්ඩාරවෙල දෝව ඓතිහාසික රජ මහා විහාරස්ථානයට ඉහළ කන්දේ අද (03) සවස සිට පැතිරී යන ගින්න පාලනය කිරීම සඳහා සහන සේවකයින්ගේ සහය සදහා යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිදෙනෙකු කැඳවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද සවස කිසිවෙකු තැබූ ගින්නක් මෙසේ පැතිර යන බවත් පවතින සුළං සහිත කාලගුණයත් සමඟ ගින්න කඳු මුදුන දෙසට වේගයෙන් පැතිර යන බවත් කුඹල්වෙල අසපු ව දෙසට පැතිරීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
