කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ බඩු පැටවූ ලොරියක් අද තුන (03) සවස බණ්ඩාරවෙල කොළතැන්න රේල් ගේට්ටුව හරහා දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී දුම්රිය මාර්ගයේ සිරවී ඇතැයි බණ්ඩාරවල පොලිසිය පැවසීය.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී ඇතැයිද කඩිනමින් ලොරිරථය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් පොලිසිය පැවසීය.
දුම්රිය මාර්ගය ඔස්සේ ලොරිය යාම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවී ඇත්ද යන්න පරීක්ෂණ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
අඩි සියයක පමණ දුරක් මෙම ලොරිය දුම්රිය මාර්ගයේ ධාවනය වී තිබේ. ලොරියේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි ද මෙම අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නැති බවද පොලිසිය කීවේය.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
