මගී ප්රවාහනය සඳහා පහත් පිවිසුම් සහිත සුවපහසු බස් රථ 100ක් සේවයේ යෙදවීම වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර කඩුවෙල, කඩවත හා මොරටුව යන ප්රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සෙ මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය.
2025 අයවැය මගින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇති අතර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර මෙම යෝජනා ක්රියාත්මක කිරීමට නියමිතය.