පසුගිය වර්ෂාව හා අධිකර සුළං තත්ත්වය යටතේ වගාවන්ට සිදුවූ හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වන විටත් ආරම්භ කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මෙහිදී වී, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ලූණු, සොයා බෝංචි හා අමු මිරිස් යන වගාවන් වලට සිදුවන හානි සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අක්කර පහක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම් සිදුකරන බවත් ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු 100000ක උපරිමයක් දක්වා රක්ෂණ මුදල් නිදහස් කරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
