භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්
ඔස්ට්‍රෙිලියානු රජය වෙත ණය සහ වාරික ලෙස ගෙවීමට ඇති ඩොලර් මිලියන 2.5 ක මුදල අස්ථානගතවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ විමර්ශනය ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි....
මෙවැනි විශාල මුදල් ගෙවීම් අනුමත කිරීම හා නිර්දේශ කිරීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ කණිෂ්ඨ නිලධාරීන්ට හැකියාවක් නැත. මුදල් අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය භාණ්ඩාගාර අධ්යක්ෂ ජනරාල්වරුන් එයට සෘජුව හා වගකීම් සහිතව දායක වේ. නමුත් 2026 මාර්තු 24 දින පත් කර ඇති Technical Investigation Committee සඳහා පත්කර ඇති සම - සභාපතිවරුන් වන ඒ.එන්. හපුගල සහ එස්.එස්.මුදලිගේ මෙම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ හා අධීකෂණය හා මෙහෙයවීම සිදු කළ නිලධාරීන් වෙති.
අනෙක් අතට මෙය හුදු පරිගණක හැකර් ප්‍රහාරයක් නොව, රාජ්‍ය නිලධාරීන් රැසක් ලිපි අත්සන් කර, අනුමැතිය හා නිර්දේශ ලබාදී ඇති රාජ්‍යයන් දෙකක් අතර සිදු විය යුතුව තිබූ ණය සහ වාරික මුදල් ගෙවීමකි. මුදල් යොමු කරන ගිණුම් අංකය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සිය සැකය පළ කර තිබියදී මෙම මුදල් ගෙවීමට කටයුතු කර ඇති බව මේ වන විට හෙළි වී ඇත.
මහා භාණ්ඩාර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පූර්ණ විනිවිද භාවයක් සහිතව සිදු කළ යුතුය. එයට ජාතික විගණන කාර්යාලය, පාර්ලිමේන්තු කමිටු හෝ වෙනත් විමර්ශ ආයතනයන් හි දායකත්වය ලබාගත යුතුව ඇත. එසේ තිබිය දී මෙම ගණුදෙනුවට සෘජුවම සම්බන්ධ ආයතන, දෙපාර්තමේන්තු සහ කාර්යාලයන් හි නිලධාරීන් මගින් පවත්වනු ලබන විමර්ශනයක් මගින් සැබෑ වංචනිකයින් සොයා ගත නොහැකි වනු ඇත.
තෙවැනි පාර්ශව වෙත මෙවැනි ගෙවීම් එකකට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති දැයි විමර්ශකයින් විසින් වහා සොයා බැලිය යුතුව ඇත.
රුපියල් කෝටි 80 කට වැඩි වටිනාකමක් සහිත මෙම වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය හෝ භාණ්ඩාගාරය මේ දක්වා පොලීසියට පැමිණිලි කර නැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
