දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.