ප්‍රේමලාල් ජයසේකරට ඇප
නුවරඑලියෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් (21) දින නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පොලිසිය විසින් (22) දින නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුට රු.25000ක මුදල් ඇප මත, රු.ලක්ෂ10ක ශරීර ඇපයක් මත සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර යලිත් මෙම නඩුව සැප්තැම්බර් මස 14 වන දින කැදවීමටත්, ගිනි අවිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය භාරයේ තබා ගැනීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කළේය. ප්‍රේමලාල් ජයසේකර මහතා සිය පවුලේ සාමාජිකයන් සමග (21) දින නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී තම පිස්තෝලය පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑලියට පොලසියට අගතියට පත් පාර්ශවය විසින් කරන ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසිය විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා (21) දින අත්අංඩගුවට ගෙන 1996 ගිනි අවි ආඥා පනතේ අංක 22 සංශෝධිත පනතේ 486 වගන්තිය යටතේ අවි ආයුධ පෙන්වා පුද්ගලයෙකුට සාපරාධි බිය ගැන්වීම සහ පුද්ගලයෙකුට මරණ තර්ජන සිදු කිරිමේ චෝදනාව යටතේ අධිකරණය වෙත බී වාර්ථාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිබුණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සන්දනම් විශ්වානි, නිතීඥ දර්ශනී නානයක්කාර සහ ජේෂ්ඨ නීතීඥ සුරේෂ් ගයාන් යන මහතුන් අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරු එවැනි සාපරාධී ක්‍රියාවක් සිදු කර නොමැති බවත්, ඒ අනුව සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසයි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නුවරඑලිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව, නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු අවසන් නොමැති නිසා සැකකරුට ඇප දිමට විරුද්ධ වන බවයි.
දෙපාර්ශවයම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ, පැමිණිලිකරුට හෝ සාක්ෂිකරුවන්ට කිසියම් ආකාරයකින් තර්ජනය කිරිමක් සිදු වූව හොත් ඇප කොන්දේසි අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි.
ප්‍රේමලාල් ජයසේකර මහතා සතුව තිබූ ගිනි අවියට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තබූ බලපත්‍රයේ මුල් පිටපත ඔහු සන්තකයේ නොතිබුණ බවත්, පසුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදි එම පිස්තෝලය සදහා නීත්‍යානුකූල අවසරයක් ලබා දී තිබු බවට විමර්ෂනවලදී අනාවරණය වූ බවයි නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා කියා සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
