විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද පස්වරු 3.00ට නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. සුපිරි අට දෙනාගේ වටයේ ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැත්විමට නියමිතව තිබූ තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
මේ වන විට ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලිය කැළඹිලි ස්වාභාවය හේතුවෙන් අද දින සවස් කාලයේදී බොහෝ ප්‍ර දේශවලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ජාත්‍යන්තර Acc Weather වෙබ් අඩවියට අනුවද අද සවස් කාලයේදී මහනුවරට වැසි ඇතිවන බව පෙන්වා දී තිබේ.
