සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට වැය කළ රු. මිලියන 5978ක් නිෂ්කාර්ය වියදමක් වෙලා
සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භකොට වසර දෙකකට පසුව ඒකපාර්ශවීයව අවසන් කිරිම හේතුවෙන් එම ව්‍යාපෘතිය සදහා දරණු ලැබු රුපියල් මිලියන 5,978ක මුදල නිෂ්කාර්යය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙකි ව්‍යාපෘතිය ඵලදායි නොවන ව්‍යාපෘතියක් බව සදහන් කරමින් හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලදි එනම් 2020 වර්ෂයේ සැප්තැම්බර් මස ව්‍යාපෘතිය ඒකපාර්ශවියව අවසන්කොට තිබුණි. මෙකි ව්‍යාපෘතිය ඒකපාර්ශවියව අවසන් කිරිම හේතුවෙන් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක සමාගමට සිදුවු අලාභය ආවරණය කරගැනිම සදහා එම ආයතනය විසින් රුපියල් මිලියන 5,169ක හිමිකම් මුදලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයෙන් ඉල්ලා තිබුණි.
මේ සම්බන්දයෙන් පත්කළ කමිටුවේ නිර්දේශයන්ට අනුව අදාළ උපදේශන ආයතනයට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 1.25ක්, ජපන්යෙන් මිලියන 229.53ක්, සහ ශ්‍රිලංකා රුපියල් මිලියන 131.58 මුදලක් ගෙවිමට සිදුවි තිබුණි.
මෙකි ව්‍යාපෘතිය පාරිසරික,තාක්ෂණික, ආර්ථික හා මුල්‍යමය වශයෙන් ඵලදායි ව්‍යාපෘතියක් ලෙස හදුනාගෙන තිබුණි. මෙකි ව්‍යාපෘතිය විධිමත් හා තාර්කික විශ්ලේෂණයකින් තොරව ඒකපාර්ශවීයව අවසන් කිරිම නිසා ශ්‍රිලංකාවට සිදුවු ආර්ථිකමය සහ මුල්‍යමය නොවන අවාසිදායක තත්ත්වය සම්බන්දයෙන් වගකිවයුතු අය පිළිබදව විධිමත් පරික්ෂණයක් සිදුකළ යුතු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

