ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් ගබඩා පහසුකම් සීමිතයි
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව දැනට සීමිත ගබඩා පහසුකම් පැවතිම හේතුවෙන් එක්වරම ගෑස් විශාල ප්‍රමාණයක් මිලදි ගැනිමට හැකියාවක් නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මේ හේතුවෙන් ගෝලීය වෙළදපොළෙන් අඩුමිලකට ගෑස් මිලදි ගැනිමේ වාසිය ලබාගැනිමේ හැකියාව සමාගම සතුව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව කෙරවලපිටිය ගබඩා සංකීර්ණය තුළ ගෑස් මෙට්‍රික්ටොන් 8000ක් පමණක් ගබඩා කිරිම සදහා ගබඩා පහසුකම් පවති.මාබිම් ගබඩා සංකීර්ණය තුල ගබඩා කළ හැකිවන්නේ ගෑස් මෙට්‍රික්ටොන් 400කි. ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවෙන් මිලදී ගනු ලබන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මාබිම ගබඩා සංකිර්ණය තුල ගබඩාකරණු ලබන අතර මෙම ගෑස් කර්මාන්ත අංශයට නිදහස් කරණු ලබයි.
එමෙන්ම ගෑස් සමාගම සතුව සීමිත බෝයා පහසුකම් පැවතිම හේතුවෙන් අඩුමිලකට මහාපරිමානයෙන් ගෑස් මිලදි ගැනිමට ඇති හැකියාව සීමිත බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ගබඩා ධාරිතාවය පුළුල්කිරිම සදහා වු ක්‍රියාවලිය දැනටමත් ආරම්භකොට ඇති බැව් ලිට්රෝ ලංකා ගෑස් සමාගම විසින් විගණනයට සදහන්කොට ඇත. වර්තමානයේ ශඛ්‍යතා අධ්‍යයනය සදහා උපදේශකවරුන් තෝරාගැනිම සදහා වු ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙහි නිරතවන බවද ගෑස් ලංකා සමාගම විසින් විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

