පළාත් සභා ඡන්දයට පත් කළ කාරක සභාවේ සභාපතිධුරය ඇමති විජිතට
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස පත් කළ සභාපතිවරයා සහ සමාජික මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිතිවයෙන් යුක්ත මෙම විශේෂ කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරයන් ලෙස මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර, ආර්. එම්.රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීන් නම් කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
මේ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, 2026 පෙබරවාරි 19 දින “ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කල බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
2025 දෙසැම්බර් මස 05 වන දින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් පළමු වර කියවීම සඳහා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 පෙබරවාරි 05 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
මෙම පනත් කෙටුම්පත මගින් ආයතනයේ සාමාජිකයන්ගේ වෘත්තීය ප්රමිතීන් සහ විනය පවත්වාගෙන යාම සඳහා වගකිව යුතු ශ්‍රී ලංකා තථ්‍යය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමටත්, තථ්‍යය දේපළ වෘත්තිය සම්බන්ධයෙන් වන ජනතාවගේ උනන්දුව ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය නමැති පනත් කෙටුම්පත 2026 අංක 6 දරන ශ්‍රී ලංකා තථ්‍යය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පනත ලෙස බලාත්මක වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

