රිමාන්ඩ් වෙනුවට නිවාස අඩිස්සිය, නව අධිකරණ 7ක්
නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩය බදවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඒසේම බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
නඩු කල් යාම හෝ ඒ සම්බන්ධව ගැටලු මතුවීම එක් පුද්ගලයකුගේ එක් ආණ්ඩුවක ක්‍රියාවක් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම කාරණය වසර 15ක් තිස්සේ පැවති තත්වයක් බව පෙන්වා දුන්නේය.
මේ වනවිට අධිකරණය තුළ නඩු ලක්ෂ 11 ක ප්‍රමාණයක් සිරවී ඇති බව පවසන අමාත්‍යවරයා මෙරටට නඩු කටයුතු හෙබවීමට ප්‍රමාණවත් විනිසුරුවරුන් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.මේ වන විට අධිකරණ කටයුතු මෙහෙයෙවීම සඳහා ඇති විනිසුරුවරුන් සංඛ්‍යාව 20 දෙනෙකු බවත් 4422ක ප්‍රමාණයක කාර්ය මණ්ඩල හිඟයක් 2024 වනවිට පැවති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තත්වය එසේ වුවද අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩලය 4130ක් අලුතෙන් බඳවා ගැනීමට මේ වනවිට කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී තවත් බඳවා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
එසේම අධිකරණ කිහිපයක් අලුතෙන් ආරම්භ කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අල්ලස් නඩුකර වෙනුවෙන් අධිකරණයන් පිහිටුවීමට අමාත්‍යංශය කටයුතු කර ඇති බවද සඳහන් කළේය.තවද ඉදිරි සති දෙකක් ඇතුළත අධිකරණ දෙකක් නඩු කටයුතු වෙනුවෙන් ලබා දීමට නියමිත බවද හෙතෙම කීය.එසේම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ තවත් අධිකරණ 5ක් ඉදිකෙරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අධිකරණ කටයුතු වෙුනවෙන් යොදවන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වෙුනවෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණයන්ට උපදෙස් ලබා දී ඇති බවත් පළාත් අධිකරණවලටද ඉදිරියේදී ඩිජිටල්කරණය හඳුන්වා දීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
අධිකරණ නිලධාරීන් නොබියව තීරණ ගත යුතු බවත් ඉදිරියේදී නඩු කල් දැමීමක් සිදු නොවන අතර කඩිනමින් තීන්දු ලබා දීමට කටයතු කරන බවත් එමගින් අධිකරණවල පවතින අනවශ්‍ය තදබදය අඩුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම නඩු කටයුතු ප්‍රමාදයන් සඳහා රස පරීක්ෂක වාර්තා ලැබීම්වල ප්‍රමාදයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
