saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9141 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2689ක් දක්වා ඉහලට

calendar_today 2020 ජුලි 17 - 19:52 remove_red_eye - 285  

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2689ක් දක්වා ඉහල ගොස් ඇත.

රාජාංගණයේ කොවිඩ් ආසාදිත කන්දකාඩු උපදේශකවරයා එක්වූ දානමය ගෙදරට අදාළව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව අවුරුදු 12ක දරුවෙකු කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස්මත පසුගිය යුද්ධ කාලයේ බලවත් ලෙස අපිරිසිදු වී ඇති නන්දිකඩාල් කළපුව සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘති අංශය කටයුතු කරගන යයි.

Read More

අන්තවාදී ආගමික මතවාද සහිත සැකකරුවන් එම මතවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙම රෙගුලාසි කෙටුම්පත ඉදිරිපත් කර තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.

Read More

පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? යැයි ප්‍රශ්න කරන උන්වසන්සේ පෙන්වා දෙන්නේ වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතු බවයි.

Read More

1‍3 වැනි සියවසේ කුරුණෑගල රාජධානී සමයට අයත් කුරුණෑගල රාජසභා ශාලාව යැයි විශ්වාස කරන මෙන්ම වත්මන් බුවනෙක හෝටලය ලෙසන් සැළකෙන ඓතිහාසික බුවනෙක හෝටලය ජුලි 14 දා ඩෝසර් කර විනාශ කර තිබේ.

Read More

අම්පාර බුද්ධංගල පොලිස් මුරපොලේ රාජකාරී යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ටී. 56 ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අංජු නැමැත්තාගේ ගෝලයෙක් බව කියන රත්මලානේ පදිංචි අවුරුදු 24ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් තිබේ.

Read More

මේ සියල්ලම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වන අතර ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැත.

Read More

වලංගු බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Read More

සංචාරක විසා මත මෙරටට පැමිණ හැටන් නගරයේ ජොතිෂ්‍ය කටයුතු වල නියැලි සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් අද (17) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 17) අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය. මෙම හමුව වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.

Read More

පසුගිය (16) වන දින පස්වරුව ලුනාව පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නියුතුව සිටි ගම් වැසියන් විශාල පිරිසක් කලහකාරි ලෙස හැසිරී පොලීසිය වෙත ගල්මුල් පහර එල්ලකර රාජ්‍ය දේපලවලට බරපතල හානි සිදු කිරීමේ වරදට එයට සම්බන්ධ කාන්තාවන් 9 ක් සමග පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබිනැයි ගල්කිස්ස පොලීසිය කියයි .

Read More

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතනවලින් නිවාඩු ලබාගැනීමේදී මතුවන ගැටලු ඇත්නම් පැමිණිලි කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

Read More

පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කොට දහ හත් දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට 17 දා පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

ඒ අනුව මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි ව තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.

Read More

මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර ගත් තමාගෙන් ද රටවැසියාට ඵලක් නැත.

Read More

බුත්තල ගෝනගංආර පොලිස් වසමට අයත් මාලිගාවිල හැබැස්ස ප්‍රදේශයේදි වනඅලි පහරදිමෙන් අඹුසැමි යුවලක් අද (17) අලුයම මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.

Read More

අද (17) දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවා යන අයගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වන නව කොවිඩ් ආසාදිත පොකුරෙන් ආසාදිතයන් 541 වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ගෘහස්ත විදුලි පාරිභොගිකයන් වෙනුවෙන් ලබාදුන් විදුලි බිල් සහනය ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ටත් ලබාදෙන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් හතළිස් එක් දෙනකු ඇතුළු හැත්තෑ තුන් දෙනෙකු අද 17 දා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

Read More

ලබන 20 දා පාසල් ආරම්භ කරන්නේද නැත්ද යන තීරණය අද (17දා) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .

Read More

එසේම එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණද සෘණාත්මක වී තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35ක් ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 138,000ක ඉක්මවා ඇත්තේ ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන රට ලෙස ඉදිරියට පැමිණෙමිනි.

Read More

හික්කඩුව පොලිස් වසමේ හෙන්නාතොට ප්‍රදේශයේදි රත්ගම පොලිස් විශේෂ බලකාය කඳවුරේ නිලධාරින් විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ,ජීව උණ්ඩ 9ක් , ටී 56 අවියක කොටසක් සොයා ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.