ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස්මත පසුගිය යුද්ධ කාලයේ බලවත් ලෙස අපිරිසිදු වී ඇති නන්දිකඩාල් කළපුව සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘති අංශය කටයුතු කරගන යයි.
මේ සඳහා විද්‍යාත්මක පර්යේෂණ අවසන්කොට පිළියෙල කරන ලද සැළැස්ම පිළිබද සාකච්ඡාවක් පසු ගිය 09දා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේදි වන ජීවී දෙපාර්තමෙන්තුව,ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ මධ්‍යම පරිසර අධිකාරිය එකතුව එක්ව පැවතුණු සාකච්ඡා අතර මෙහිදි නන්දිකඩාල් මෝය කටේ සිට කළපුව දෙසට ගමන් කරණ ඇළ මාර්ගය 2km ශූද්ධ පවිත්‍ර කිරීමට තීරණය විය.
ඒ සදහා වනජීවි දෙපාර්තමෙන්තුවේ හා එකගතාවය ලබා ගැනීමට අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂක කාර්යයාලය කටයුතු කර ඇත.