saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8689 hours ago

LATEST

කොරෝනා රෝගින් වෙනුවෙන් ගල්කන්ද ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

calendar_today 2020 ඔක් 23 - 22:15 remove_red_eye - 632  

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලිම මත ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය ඇඳන් 400කින් යුත් කොරෝනා රෝගින්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇත.

Read More

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජතික බලවේගයෙන් මන්ත්‍රීවරුන් එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉවත් කිරීමට තිරණය කර තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

(FactCheck) ’’2009 [sic, 2019] ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බල සහභාගිත්ව අනුපාතිකය, එහෙම නැත්තං female labour force participation rate එක, සියයට 34.5 යි. පිරිමින්ගේ ඒක සියයට 73යි… අපට තමයි අඩුවෙන්ම තියෙන female labour force participation rate එකක් ලෝකයෙන්ම තිබෙන්නේ.’’

Read More

කොවිඩ් -19න් වසන්ගතය හේතුවෙන් බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුව අද (23 ) රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමිමට සිදුවූ බව එම රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

Read More

කොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.

Read More

එසේම පක්ෂයේ විනය කඩ කිරීම වෙනුවෙන් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවද විපක්ෂනායකවරයා පැවැසීය.

Read More

ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් එම පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

Read More

සති අන්තයේදී මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන වාර්තාවල කිසිම සත්‍යතාවක් නොමැති බවත් අද පස්වරුවේ රැස්වූ කොවිඩ් කාර්ය සාධක බළකාය මෙවැනි ආකාරයේ කිසිම තීරණයක් නොගත් බවද ඔහු පැවැසීය.

Read More

කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත කාන්තාවක් පානදුර නගරය ආශ්‍රීත වෙළෙඳසැල් හතරකට ආ ගිය බවට අනාවරණය විමෙන් අනතුරුව එම වෙළෙඳසැල් 4 වසා දැමිමට පියවර ගත් බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.

Read More

20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාතභාවය නැති වූ බවත් ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලා බවත් හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාලය ඇතුළත කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති අතර , එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශීවීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

Read More

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍ර දේශවලට හැර වෙනත් කිසිම ප්‍රදේශයකට ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොමැතිව ඉදිකර ඇති, එමෙන්ම කැලණි ගඟ දූෂණය වන අයුරින් අපද්‍රව්‍ය බැහැර කරන සියලු කර්මාන්තශාලා, ව්‍යාපාරික ආයතනවලට එරෙහිව නඩු පවරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට දන්වා තිබේ.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයෙන් ඉවත් කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඩ් 19 ආසාදිතයින් අට දෙනෙක් අද (23) වනවිට හමුවී ඇති අතර ඉන් තිදෙනෙක් පෑලියගොඩ මාලූ වෙළද සංකීර්ණයේ පොකුරට සම්බන්ධ බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බ්න්ධ ත්‍රස්තවාදී සහරාම් හෂීම්ගේ කණ්ඩායම නුවර එළියේ පැවැත්වූ පුහුණු කඳවුරට භාවිත කළ වැන් රථයක් අක්කරේපත්තුව, අට්ටාලච්චේනයි පුද්ගලයෙකුට අලෙවි කර තිබියදී මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ ගුරු සේවයේ ගුරු සහායකයින් 419 දෙනෙකුට පත් වීම් ප්‍රදානය කිරීමේ සංකේතාත්මක උත්සවය අද 23 මධ්‍යම පළාත්ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ .

Read More

1987 වසරේ ජුනි මාසයේදී අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

Read More

දැනට රැදවුම්භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු බව කියන ජනිත් මධුශංඛ නොහොත් ’’පොඩි ලැසී’’ නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් බන්ධනාගාර බලධාරීන් වෙත නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි හුනුකොටුව මාර්ගයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 අසාදනය වි වවුනියාව රෝහල ඇතුලත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

Read More

එක්සත් ජාතක පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් පක්ෂය විසින් තවමත් තීරණයක් ගෙන නොමැති බව එජාප නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

කොස්ගම සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් ආසාදිත බවට සැකකරන 26 හැවැරිදි තරුණයා සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වැනි මහලේ නිවසක සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් පොලිස් නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කළ සැකකරුවෙකු වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.