ජිවිත ආරක්ෂාව ඉල්ලා පොඩි ලැසිගෙන් පෙත්සමක්
දැනට රැදවුම්භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු බව කියන ජනිත් මධුශංඛ නොහොත් "පොඩි ලැසී" නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් බන්ධනාගාර බලධාරීන් වෙත නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.
පොඩි ලැසී නැමැත්තා සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇති අතර මෙම පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශවයන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.
මෙම පෙත්සම නැවත නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියමිතය .

popular news
-
piyu Friday, 23 October 2020 03:58 PM
podi lasita wage apitath waradi karala jeewitha aarakshawa illann baida danne na. Narith hinawenawa mewa dakkama.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

