දිනක් තුළ ගම්පහින් කොවිඩ් ආසාදිතයන් 797ක්
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාලය ඇතුළත කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති අතර , එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මෙම රෝගීන් පිරිස ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස තුළින් 788 දෙනෙකු ද , ඉතිරි 09 දෙනා දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල් වලින් ද හමු වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
එසේම මෙම 797 ක් වූ කොරෝනා ආසාදිත රෝගීන් අතුරින් 718 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පළ ආශ්‍රිතව සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය .
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ කොරෝනා වෛරසය ආසාදිත සේවකයින් 06 දෙනෙකු හමු වී ඇති අතර , ඒ අනුව මේ දක්වා තහවුරු වී ඇති කොරෝනා ආසාදිත සේවක සංඛ්‍යාව 337 ක් බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය.
මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් ගත වූ පැය 24 ක කාලය තුළ මෙම වෛරසය ආසාදිත රෝගීන් එක් අයෙකු පමණක් හමු වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

