කොවිඩ් ආසාදිත තොරතුරු ගැනීමේදී බුද්ධි අංශ ගැටලුවක
කොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.
ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ වලට අමතරව කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගොස් ඔවුන් සම්බන්ධයෙන් වන සියළුම තොරතුරු ලබා ගනිමින් සුවිශේෂි මෙහෙවරක් මේවනවිට බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉටු කරමින් සිටියි.
මෙම ව්‍යසනය හමුවේ තමන් ඉට කරන අතිශය වැදගත් රාජකාරිය සඳහා ඇතැම් සෞඛ්‍ය අංශ නිලධාරීන් සහාය නොදීම බරපතළ ගැටළුවක් බවත් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙයි.
popular news
-
Gaya Saturday, 24 October 2020 07:02 AM
කොරෝනා අසාදනය උනාට පස්සේ ඊයාගේ තොරතුරු හොයාගෙන අනෙක් අයට පැතිරෙන එක හොද දෙයක්, ටිකක් අමාරු වැඩක් වුනත්. කොරෝනා පොකුරු ඇතිවෙන්න තියෙන ඉඩකඩ කලින්නම හදුනාගෙන ඒවා වලක්වා ගන්න පුලුවන්නම් එක වඩා වැදගත්. "මේ හේතුවෙන් මහජනතාව ගැවසෙන උත්සව සාද සංවිධානය නොකිරීමටත් ඒවාට සහභාගී නොවී සිටීමටත් සියලු දෙනාම වගකීම" කියල හමුදාපතිතුමත් කියල තිබුණා. මහජනතාව විදියට අපිට එවැනි අවදානම් අවස්ථා පිළිබද අදාල අංශ දැනුවත් කරන්න ක්‍රම වේදයක් සකස් කරන්න අවශ්‍යයි. හොයල බලල වලක්වගන්න එක තොරතුරක් දෙන්නම්. තව පැය කීපයකින් (අද - ඔක් 24 සෙනසුරාදා උදේ 11ට) රත්නපුරේ රෝහලට නුදුරින් පැවැත්වෙන 350ක් විතර සහභාගී වෙන ගොඩනැගිල්ලකට මුල්ගල තැබීමේ මහා උත්සවයක් පැවැත්වෙනවා රතනපුරේ රෝහලට නුදුරින් වූ ස්ථානයක. දිවා භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ රත්නපුර නව නගරේ පිහිටි "කේතුමතී" හෝටලේ. මේකට මැති ඇමතිවරු, රෝහල් කාර්යමණ්ඩලය, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු 350 ක් පමණ සහභ්ගිවෙනවා. උත්සවය සංවිධානය කරන්න රජයේ ආයතනයකුත් සම්බන්දයි ඒ සබරගමුව විශ්ව විද්‍යාලය සහ ර්ට අනුබද්ධ රත්නපුරේ හිදෙල්ලන (බටුහේන) පිහිටි සරසවි පීඨය.
Reply : 0 0
Gaya Saturday, 24 October 2020 07:04 AM
...... තව පැය කීපයකින් (අද - ඔක් 24 සෙනසුරාදා උදේ 11ට) රත්නපුරේ රෝහලට නුදුරින් පැවැත්වෙන මේ උත්සවයට මැති ඇමතිවරු, රෝහල් කාර්යමණ්ඩලය, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු 350 ක් පමණ සහභ්ගිවෙනවා. උත්සවය සංවිධානය කරන්න රජයේ ආයතනයකුත් සම්බන්දයි ඒ සබරගමුව විශ්ව විද්‍යාලය සහ ර්ට අනුබද්ධ රත්නපුරේ හිදෙල්ලන (බටුහේන) පිහිටි සරසවි පීඨය. මේ රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම සියගානක් වූ විශ්ව විද්‍යාල සිසුනුත් අවදානම් කාණ්ඩවලට අයත් ඒ අය ලංකාවේ විවිද ප්‍රදේශවලින් එනඅය පන්ති කාමරවල (Online classes නොවේ) වැඩිවෙලා අදටත් ඉගෙනගන්න අය එක් කෙනෙකුට හෙදුනොත් කොහෙන් නවතිවිද?. (මේ උත්සවය කල්දාන්න තිබුණා, නැත්නම් මුල්ගල අදම තියන්නම ඕනනම් ලොකු උත්සව නැතිව සුළු සහබ්ගිත්වය්කින් කරන්න තිබුණා). පුළුවන් දෙයක් කරන්න. පුරවැසියෙක් විදියට යුතුකමක් ලෙස සලකලයි විතරටික දැම්මේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

